යුරෝපයේ ප්‍රබලම රටක් ලංකාව හැර යයි

නෝර්වේ රජය විසින් විදේශයන්හි පවතින එරට තානාපති කාර්යාල ජාලය ආශ‍්‍රිතව ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකිරීමට තීරණය කර ඇති බව නිවේදනය කර තිබේ.

මෙම ප‍්‍රතිසංස්කරණයෙහි කොටසක් වශයෙන් කොළඹ පිහිටි නෝර්වේජියානු තානාපති කාර්යාලය ද ඇතුළුව නෝර්වේජියානු තානාපති කාර්යාල පහක් 2023 ජූලි මස අග වනවිට ස්ථිර වශයෙන් වසා දැමීමට ද තීරණය කර ඇත.

අද (09) දින නෝර්වේජියානු විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ සඳහන් වන පරිදි, යුරෝපයේ සහ වෙනත් රටවල ක‍්‍රියාත්මක වන නෝර්වේජියානු තානාපති කාර්යාල කිහිපයක් සවිගැන්වීමද ඊට ඇතුළත් වේ.

මේ අතර දැනට මාලදිවයින සම්බන්ධ වගකීම්ද පැවරී ඇත්තේ කොළඹ පිහිටි නෝර්වේජියානු තානාපති කාර්යාලයටය.

නෝර්වේජියානු තානාපති කාර්යාලය වසා දැමූවද දෙරට අතර මිත‍්‍රශීලී හා ඵලදායී සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීම වෙනුවෙන් නෝර්වේ රාජ්‍යය ඉදිරියටත් කැපවී කටයුතු කරනු ඇති බව අදාළ නිවේදනයේ සඳහන් ය.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »