දෛනික කොවිඩ් වාර්තාකරණය සිකුරාදා සිට පූර්ණ වෙනසකට

දෛනික කොවිඩ් දත්ත වාර්තාකරණය ලබන සිකුරාදා (09) සිට පූර්ණ වෙනසකට ලක් කිරීමට ඔස්ටේ්‍රලියානු සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා.

එදින සිට දිනපතා තොරතුරු ප්‍රකාශයට පත් කිරීමක් සිදු නොවන අතර සතිපතා වාර්තාවක් ඉදිරිපත් කිරීම පමණක් සිදුවනු ඇති.

ෆෙඩරල් රජය – ප්‍රාන්ත රජයන් සහ සියලු සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ ප්‍රධාන සෞඛ්‍ය නිළධාරීන් එක්ව ගනු ලැබූ තීරණයක් අනුවයි එය ක්‍රියාත්මක වන්නේ.

මේ අනුව සෑම සතියකම බ්‍රහස්පතින්දා පස්වරුව වනවිට ලැබී ඇති කොවිඩ් තොරතුරු සිකුරාදා දිනවලදී ෆෙඩරල් රජය සහ එක් එක් ප්‍රාන්තය මට්ටමින් ඉදිරිපත් කිරීමට නියමිතයි.

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය විසිනුයි මෙම යෝජනාව පළමුවෙන් ඉදිරිපත් කර තිබුණේ.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »