$ මිලියනයක නීති විරෝධී Vapes මෙල්බන් නගරයේදී පොලිස් භාරයට

ඩොලර් මිලියන 01 කට වැඩි වටිනාකමින් යුත් නීති විරෝධී Vapes උපකරණ තොගයක් මෙල්බන් නගරයේදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් දෙදෙනෙකුට මේ සම්බන්ධයෙන් චෝදනා ගොණු කර ඇති බවයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ.

ට්‍රක් රථයක තිබී මෙලෙස හමුවී ඇති e-cigarettes ප්‍රමාණය 907,000 ක් වන අතර සමස්ත වටිනාකම ඩොලර් 10 ලක්ෂ 26,000 ක් බවට තක්සේරු කර තිබෙනවා.

සැකකරුවන 32 සහ 40 හැවිරිදි වියෙහි පසුවන්නන් වන අතර ඔවුන් ඇප මත මුදා හැර තිබෙනවා.

ලබන නොවැම්බර් මාසයේදී සැකකරුවන් දෙදෙනා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »