ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳ ආචාර්ය නිමල් පෙරේරා මහතා හට​ ගාලු කොටුවේ කැණීමකදී හමු වූ ඉපැරණි දේ

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳ ආචාර්ය නිමල් පෙරේරා මහතා හට​ ගාලු කොටුවේ කැණීමකදී හමු වූ ඉපැරණි දේ

Prehistorian Dr. Nimal Perera at Sydney University, Australia has found an ancient valuable from an excavation at Galle Fort.

ගාල්ල කොටුවේ තිබී පැරණි ගල් අඟුරු වළක් හමුවූ බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ දකුණු පළාත් ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳ ආචාර්ය නිමල් පෙරේරා මහතා පවසා සිටී.

මෙම ගල් අඟුරුවල හමුවී ඇත්තේ ගාල්ල කොටුවේ පෘතුගීසීන් විසින් ඉදිකරන ලද කළු කොටුව නැමැති කො‍ටසිනි. ආචාර්ය පෙරේරා මහතා පවසන්නේ මෙම ගල් අඟුරු වළ හමුවූ ස්ථානයේ ඇති පැරණි ඕලන්ද ගොඩනැගිල්ල සිර මැදිරියක් ලෙස ද භාවිතා කර ඇති බවයි.

ආචාර්ය නිමල් පෙරේරා මහතාගේ අදහස වන්නේ මෙම ස්ථානයේ ආයුධ නිෂ්පාදනය කරන ස්ථානයක් තිබෙන්නට ඇති බවයි. එය පෘතුගීසි පාලන කාලයේ දී හෝ ඕලන්ද ජාතිකයන් විසින් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට පෙර තිබූවක් වියහැකි බවත් පසුව ගොඩනැගිල්ල ඉදිකිරී‍මේ දී ශේෂ වී තිබූ ගල් අඟුරු කොටස් ගොඩනැගිල්ලට යටවන්නට ඇති බවත් ඔහුගේ අදහසයි.

 

 

 

 

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »