ඔස්ටේ්‍රලියාවේ රූපලාවන්‍ය ශෛල්‍යකර්ම සඳහා නව රෙගුලාසි

රූපලාවන්‍ය සම්බන්ධ ශෛල්‍යකර්ම පිළිබඳ නව රෙගුලාසි පැණවීමට සියලුම ප්‍රාන්තවල සෞඛ්‍ය අමාත්‍යවරුන් තීරණය කර තිබෙනවා.

ඇතැම් සුදුසුකම් නොලත් වෛද්‍යවරුන් සහ රූපලාවන්‍ය ශිල්පීන් විසින් සිදුකරන ලද ප්‍රමිතියෙන් තොර සැත්කම් හමුවේ මුහුණ ඇතුලු සංවේදී ස්ථානවලට සිදුවූ බලපෑම් සැළකිල්ලට ගෙනයි මෙම එකගතාවයට එළැඹී ඇත්තේ.

මින් ඉදිරියට සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන රූපලාවන්‍ය ප්‍රචාරණ සඳහාද නව නීති පැණවෙනු ඇති.

මේ සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියානු වෛද්‍ය සංගමයද ප්‍රසාදය පළකර තිබෙනවා.

කෙසේවෙතත් සිදුකල යුතු තවත් සංශෝධන කිහිපයක්ද ඇති බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »