මොරිසන් ඉල්ලා අස්වනු ඇති බවට වාර්තා

හිටපු අගමැති ස්කොට් මොරිසන් විසින් රහසිගතව ඇමති ධුර 05 ක දිව්රුම් දීම සම්බන්ධයෙන් තමාට හෙට දිනයේදී සොලිසිටර් ජනරාල්වරයාගෙන් නීති උපදෙස් ලැබෙනු ඇතැයි වත්මන් අගමැති ඇන්තනී ඇල්බනීස් පවසනවා.

මේ අතර ඔහුගේ පාර්ලිමේන්තු අසුන සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ලිබරල් පක්ෂ මන්ත්‍රීවරුන් සූදානම් වන බවටද වාර්තා පළවනවා.

මීලග ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන 2025 වසර වන තෙක් ඔහු එම ධුරයේ කටයුතු නොකරනු ඇති බවයි අභ්‍යන්තර වාරතා පෙන්වා දෙන්නේ.

ලබන වසරේ පැවැත්වෙන නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණයට පෙර ස්කොට් මොරිසන් ඉල්ලා අස්වනු ඇති බවටත් අනාවැකි පළවනවා.

කෙසේවෙතත් පසුගියදා පැවතිප මාධ්‍ය හමුවකදී හිටපු අගමැතිවරයා අවධාරණය කලේ තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

යුක්රේන රුසියා යුද පෙරමුණට ගිය ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සෙබළු වංචාවකට හසුවෙලා

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් යුක්රේනයේ සහ රුසියාවේ යුද පෙරමුණුවලට යොමු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »