ලංකාවේ සෑම අයෙකුම ලක්ෂ 10 ක ණයකාරයෙක්

ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ණය ප්‍රමාණය මේ වනවිට රුපියල් මිලියනයේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන පරිදි 2022 වසරේ අප්‍රේල් මාසය වනවිට මධ්‍යම රජය ගෙවීමට ඇති සමස්ත ණය ප්‍රමාණය මාස 4ක් ඇතුළත සියයට 32ක ප්‍රතිශතයකින් ඉහළයෑම ඊට හේතුවයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව 2022 අප්‍රේල් මාසය වනවිට මධ්‍යම රජය ගෙවීමට ඇති සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 23,310 ක්.

ඉන් රුපියල් බිලියන 12,442 ක් දේශීය ණය වන අතර විදේශීය ණය රුපියල් බිලියන 10,867 ක් බව සඳහන්.

2021 වසර අවසානයේ දී රුපියල් බිලියන 17,589 ක් ලෙසින් සටහන්ව තිබුණු මධ්‍යම රජයේ සමස්ත ණය ප්‍රමාණය මාස 04 ක් වැනි කාලයක් තුළදී රුපියල් බිලියන 5,720 කින් හෙවත් 32.52 % කින් වැඩිවී තිබීම මෙහි ඇති විශේෂත්වයක්.

ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 22 ක් වන අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙක්ම රුපියල් ලක්ෂ 10ක ණයකරුවෙක් වන බව එම වාර්තා පෙන්වාදෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් අමෙරිකානු තානාපතිනිය හමුවෙයි

සිය රටේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විශ්මයට පත් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව මෙරට අමෙරිකානු තානාපතින ජූලි චේ චන්ග් පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වයසටත් කලින් වයසට යන හේතුව හඳුනා ගැනෙයි

පවතින මූල්‍ය ආතතිය හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් තම සමීපතමයින් සමග වාද විවාද ඇති කර ගැනීමේ ප්‍රවනතාවක් පවතින බව හෙළිව තිබෙනවා.

Read More »

විදේශ සංක්‍රමණිකයින් මිලියන 6කට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි වෙයි

විදේශ සංක්‍රමණිකයින්ට ඔස්ට්‍රේලියාව තුල පුරවැසිභාවය ලබා දීම ආරම්භ කළ දින සිට මේ වන තෙක් සංක්‍රමණිකයින් මිලියන 6කය අධික සංඛ්‍යාවකට මෙරට පුරවැසිභාව හිමිව තිබෙනවා.

Read More »

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »