ඔස්ටේ්‍රලියා පාසල් ක්‍රීඩාංගණ ත්‍රස්ත පුහුණුවීම් සඳහා යොදාගන්නා බවට අනාවරණයක්

ඔස්ටේ්‍රලියාව තුළ ඇතැම් පාසල් ක්‍රීඩාංගණ ඇතැම් අන්තවාදී සංවිධාන විසින් ත්‍රස්ත පුහුණු කටයුතු සඳහා යොදාගන්නා බවට ආන්දෝලනාත්මක අනාවරණයක් සිදුකර තිබෙනවා.

ෆෙඩරල් රජය අවධාරණය කරන්නේ වයස අවුරුදු 13 ක් වැනි ලාබාල දරුවන් පවා අන්තවාදී මතවාදයන්ට නැඹුරු කරගැනීමට ඇතැමුන් උත්සාහ දරන බවයි.

ස්වදේශ අමාත්‍ය ක්ලෙයාර් ඔ-නිල් කියාසිටියේ රජයේ බුද්ධි අංශ පවා ඒ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කරගෙන ඇති බවයි.

විශේෂයෙන් පාසල්වල හුදකලාව සිටින දරුවන් මෙවැනි කාර්යයන් සඳහා පොළඹවා ගැනීමට අන්තවාදී පාර්ශව උත්සාහ දරන බවයි බුද්ධි අංශ පෙන්වා දී ඇත්තේ.

ඉස්ලාමීය ශරියා දඩුවම් ලෙස සැළකෙන හිස ගසා දැමීම් වැනි දෑ ඇතුළත් වීඩියෝ පෙන්වා දරුවන්ගේ මනස බලහත්කාරයෙන් විකෘති කිරීමයි මොවුන්ගේ සැලසුම් වන්නේ.

මේ පිළිබඳ දෙමව්පියන් මෙන්ම පාසල් ප්‍රජාව අවධානය යොමුකල යුතුව ඇති බවත් අමාත්‍යවරිය පෙන්වා දෙනවා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »