කැන්බරා ගුවන් තොටුපළේ ගුවන් ගමන් යළි ඇරඹෙයි

වෙඩි තැබීමක් හමුවේ මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවා තිබූ කැන්බරා ගුවන් තොටුපළේ ගුවන් ගමන් යළි ආරම්භ කර තිබෙනවා.

කෙසේවෙතත් ඇතැම් ගුවන් ගමන් අවලංගු හෝ ප්‍රමාද විය හැකි බවටයි අනතුරු ඇගවෙන්නේ.

අද පෙරවරුවේ කිසියම් පුද්ගලයෙකු වෙඩි ප්‍රහාර 05 ක් එල්ල කර තිබූ අතර ඔහු ගිණි අවියද සමග මේ වනවිට ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා.

මෙය ඔහු විසින් පමණක් සිදුකරන ලද ක්‍රියාවක් වන අතර ත්‍රස්ත ක්‍රියාවක් නොවන බවයි ඔස්ටේ්‍රලියා ෆෙඩරල් පොලිසිය සඳහන් කලේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බව අගමැති ඇන්තනී ඇල්බනීස් ද කියාසිටියා.

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »