වික්ටෝරියා මැතිවරණයේ ජය කාටද ? අලුත්ම මත විමසුම මෙන්න

ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේදී වත්මන් ලේබර් පක්ෂයම නැවත බලයට පැමිණෙනු ඇති බවට පූර්ව මත විමසුමක් අනාවැකි පළකරනවා.

ආයතනය විසින් අගොස්තු 11 – 12 සහ 13 යන දිනවල සිදුකල සමික්ෂනයකට අනුව ලේබර් පක්ෂයේ ජනප්‍රියත්වය සියයට 60.5 දක්වා සියයට 1 කින් වැඩිවී ඇති අතර ලිබරල් සන්ධානයේ ජනප්‍රියත්වය සියයට 39.5 දක්වා සියයට 1 කින් අඩු වී තිබෙනවා.

මෙය 2018 වසරේදී ලේබර් පක්ෂය ලබාගත් සියයට 57.3 ක ඡන්ද ප්‍රතිශතය හා සැසඳීමේදී සියයට 3.2 ක ඉහළ යාමක් වනවා.

මේ අතර ඩැනියල් ඇන්ඩෲස් නැවත වරක් වික්ටෝරියා අගමැති තනතුරට පත්වනු ඇති බවටද අනාවැකි පළවනවා.

ඔහුගේ ජනප්‍රියත්වය මේ වනවිට සියයට 62.5 ක් ලෙස පවතින අතර විපක්ෂ නායක මැතිව් ගයි ගේ ජනප්‍රියත්වය පවතින්නේ සියයට 37.5 ක් ලෙසයි.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »