වාර්ෂික Skilled Visa 40,000 කින් ඉහළ දැමීමේ තීරණයක්

උද්ගතව ඇති දැඩි සේවක හිගයට පිළියමක් ලෙස වාර්ෂිකව නිකුත් කරන පුහුණු නිපුණතා වීසා (Skilled migrant visa) සංඛ්‍යාව 40,000 කින් ඉහළ දැමීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

මේ අනුව දැනට සාමාන්‍යයෙන් නිකුත් කරන 160,000 ක් වන වීසා බලපත් සංඛ්‍යාව ලක්ෂ 02 ක් දක්වා ඉහළ නැංවෙනු ඇති.

මීට අදාළ යෝජනාව ලබන ඔක්තෝබර් මාසයේ ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් රජයේ අයවැය ලේඛනයට ඉදිරිපත් කිරීමටද නියමිතයි.

කොවිඩ් තත්වය හමුවේ වසර 02 ක් පුරා දේශ සීමා වසා දමා තිබීම හේතුවෙන් පුහුණු ශ්‍රමිකයන් රටට නොපැමිණිම හමුවේ ඔස්ටේ්‍රලියාව තුළ දැඩි සේවක හිගයක් නිර්මාණය වී තිබෙනවා.

ඔස්ටේ්‍රලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශ වාර්තා අනුව දැනට රට තුළ විවිධ ක්ෂේත්‍රවල ඇබෑර්තු 480,100 ක් පමණ පවතින බව සඳහන්.

එය 2020 වසරේ පෙබරවාරි මාසය හා සැසඳීමේදී සියයට 111 ක ඉහළයාමක්ද වනවා.

සේවක හිගයට එක් විසඳුමක් ලෙස වයස අවුරුදු 66 ට වැඩි විශ්‍රාමිකයන් මාස 06 ක කාලයක් සඳහා යළි සේවයට බඳවා ගැනීමටද යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

එමෙන්ම දරුවන් child care සඳහා යොමුකර මව්වරුන් ශ්‍රම බලකායට බඳවා ගැනීමට වැඩි වශයෙන් සහන දීමද තවත් යෝජනාවක්.

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »