ඔස්ටේ්‍රලියාවට එන සංක්‍රමණිකයන්ට හා සරණාගතයන්ට සෞඛ්‍ය සේවා ගැනීමේ ගැටලු

ඔස්ටේ්‍රලියාවේ සංක්‍රමණිකයන් සහ සරණාගතයින් සෞඛ්‍ය සේවා ලබා ගැනීමේදී සැළකිය යුතු ගැටලුවලට මුහුණ දෙන බව නවතම වාර්තාවක් හෙළි කරනවා.

භාෂා බාධකය ඉන් ප්‍රමුඛ ගැටලුවක් වන අතර මෙරට සම්පූර්ණ සෞඛ්‍ය සේවා පද්ධතියම සකසා ඇත්තේ මුළු ජීවිත කාලයම ඉංග්‍රීසි ඉගෙන ගත් පුද්ගලයින් සඳහා බවටයි සිවිල් ක්‍රියාකාරීන් පවසන්නේ.

කොවිඩ් මරණ සළකා බැලීමේදී මෙම තත්වය වඩාත් පැහැදිලි වන බව ඔවුන් සඳහන් කරනවා.

පසුගිය පෙබරවාරි මාසයේ නිකුත් කරන ලද දත්තවලට අනුව, විදේශයන්හි උපත ලබා දැනට මෙරට සිටින පුද්ගලයන් සංඛ්‍යාව, ඔස්ටේ්‍රලියානු පුරවැසියන්ට වඩා තුන් ගුණයකින් පමණ ඉහළයාමක් පෙන්නුම් කෙරෙනවා.

මැද පෙරදිග සම්භවයක් සහිත පුද්ගලයන් සඳහා කොවිඩ් මරණ අනුපාතය 10 ගුණයක පමණ ඉහළයාමක්ද පෙන්නුම් කෙරෙනවා.

මේ අතර සංක්‍රමණිකයන් සහ සරණාගතයින් සහජයෙන්ම අඩු සෞඛ්‍ය සම්පන්න බවකට උරුමකම් නොකියන නමුත් අධ්‍යාපනය, ආදායම, නිවාස සහ සේවා සඳහා ප්‍රවේශය වැනි සාධක මෙම ප්‍රජාවන් සඳහා දුර්වල සෞඛ්‍ය ප්‍රතිඵල ඇති කරන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ සරණාගතයින්ගේ සහ සංක්‍රමණිකයින්ගේ සෞඛ්‍යය පිළිබඳ ලෝක වාර්තාව පවසන්නේ.

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »