ලිබරල් රජයේ $ මිලියන 21 ක Covid කොවිඩ් App එක අත්හිටුවයි

2020 වසරේ අප්‍රේල් මාසයේදී එවක ලිබරල් රජය හඳුන්වාදුන් Covid App එක වත්මන් ලේබර් රජය විසින් ඉවත් කර තිබෙනවා.

පසුගිය ලිබරල් සන්ධාන රජය ඩොලර් මිලියන 21 ක් ඊට වියදම් කළද හඳුනාගෙන ඇත්තේ ධනාත්මක ආසාදිතයින් දෙදෙනෙකු සහ සමීප ආශ්‍රිතයින් 17 ක් පමණක් බවයි සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් කියාසිටියේ.

මේ අතර අගෝස්තු 15 සිට, සෑම බටහිර ඔස්ටේ්‍රලියානු ප්‍රාන්තවාසියෙකුටම කොවිඩ් පරීක්ෂණ ස්ථාන, එන්නත් සායනවලින් නොමිලේ රැපිඩ් කට්ටල 20 ක් ලබා ගත හැකියි.

ACTR හි Concession කාඩ්පත් හිමියන්ට දැන් ඔවුන්ගේ ප්‍රදේශයේ පුස්තකාලයෙන් නොමිලේ රැපිඩ් කට්ටල තුනක් දක්වා ලබා ගත හැකියි.

කෙසේ වෙතත්, කොවිඩ් රෝග ලක්ෂණ ඇති අය ඔවුන්ගේ රැපිඩ් කට්ටල Garran Surge මධ්‍යස්ථානයෙන් ලබා ගත යුතු අතර නොඑසේනම් පී සී ආර් පරීක්ෂණයක් කර ගත යුතුය.

–SBS-

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »