ඔස්ටේරලියානුවන්ට $ මිලියන 532 ක වැටුප් ගෙවා නෑ

MONEY FINANCE CURRENCY

2021 – 22 කාලසීමාවේදී ඔස්ටේ‍රලියාව තුළදී සේවකයන් වෙත ලැබීමට නියමිත වැටුප් ඩොලර් මිලියන 532 ක මුදලක් ගෙවා නොමැති බව අනාවරණ වී තිබෙනවා.

සේවකයන් 384,000 කට වැඩි පිරිසකට මෙලෙස නියමිත පරිදි වැටුප් ලැබී නොමැති බවයි Fair Work කොමිසම සිදුකර ඇති විමර්ශනයකදී අනාවරණ වී ඇත්තේ.

මෙය පසුගිය වසර හා සැසඳීමේදී 03 ගුණයක ඉහළයාමක් වීම බරපතල තත්වයක් බවයි ඔවුන් සඳහන් කර සිටින්නේ.

මෙම මුදලින් අඩකට වැඩි මුදලක් එනම් ඩොලර් මිලියන 279 ක් පමණ ගෙවා නොමැත්තේ Woolworths, Qantas, the Commonwealth Bank, ABC වැනි මහා පරිමාණ සේවා ස්ථාන විසිනුයි.

Fair Work කොමිසම විසින් මේ සම්බන්ධයෙන් ආරම්භ කර ඇති විමර්ශන සංඛ්‍යාව 50 ක් පමණ වනවා.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »