වික්ටෝරියා රජය ප්‍රාන්තවාසීන්ට වන්දි දෙන්න බෑ කියයි

පසුගිය වසරේදී කොවිඩ් තත්වය හමුවේ ලොක් ඩවුන් කිරීම්වලට ලක්වූ ප්‍රාන්ත වැසියන් වෙනුවෙන් වන්දි දෙන ලෙසට ලැබී ඇති නිර්දේශයක් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් ඉවත දමා තිබෙනවා.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය සමග වන ප්‍රාන්ත සීමාව හිටිහැටියේ වසා දැමීමෙන් ප්‍රාන්ත වාසීන්ට දැඩි දුෂ්කරතා එල්ල වූ බවයි වික්ටෝරියා ඔම්බුඩ්ස්මන්වරයා නිකුත් කර ඇති වාර්තාවේ දැක්වෙන්නේ.

ඊට වන්දි ලෙස ලොක්ඩවුන් කිරීම් හමුවේ නිවාස තුළට වී සිටීමට සිදුවූ ජනතාවට කිසියම් වන්දි මුදලක් ගෙවන්නැයිද එමගින් නිර්දේශ කර තිබෙනවා.

කෙසේවෙතත් වික්ටෝරියා ප්‍රාන්ත රජය පවසන්නේ ප්‍රාන්ත නීති රාමුව තුළ එවැන්නකට ප්‍රතිපාදන නොමැති බවයි.

සෞඛ්‍යමය කාරණාවක් මත ප්‍රාන්ත සීමා වසා දැමුවේ ජනතාවගේම ආරක්ෂව සඳහා බවද එහි දැක්වෙනවා.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »