චීන යුවාන්වැන්ග් 5 නෞකාව ලගාවීම ප්‍රමාද කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක්

චීනයේ යුවාන්වැන්ග් 5 නෞකාව ශ්‍රී ලංකාවට ලගාවීම ප්‍රමාද කරන ලෙස ශ්‍රී ලංකා රජය චීන රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දීය මාධ්‍ය පවසන්නේ දෙරටෙහි රජයන් අතර තවදුරටත් උපදේශන සිදු කිරීමට අවශ්‍ය බැවින් එම තීරණය ගෙන ඇති බවයි.

මත භේදාත්මක යුවාන්වැන්ග් 5 නෞකාව එළඹෙන 11 වනදා හම්බන්තොට වරායට ළගා වීමට නියමිතව තිබුණා.

එය ලබන 17 වනදා තෙක් හම්බන්තොට වරායේ නැංගුරම්ලා තැබීමට නියමිත බවයි මීට පෙර වාර්තා වුණේ.

මෙම නෞකාවේ පැමි”ම සම්බන්ධයෙන් මත භේදාත්මක තත්ත්වයක් ඇති වුයේ ඉන්දියාව ඒ සම්බන්ධව දැඩි අවධානයක් යොමු කිරීමත් සමගයි.

අදාළ චීන පර්යේෂණ නෞකාව හම්බන්තොට වරායේ නැංගුරම් ලෑම සම්බන්ධයෙන් ඉන්දියාවේ දැඩි විරෝධය එල්ල වුණා.

ඉන්දියාවට ක්ෂණික ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යාංශය සඳහන් කර තිබුණේ තමන් සිදුකරන නීත්‍යානුකූල සමුද්‍ර ක්‍රියාකාරකම් සඳහා ඉන්දියාව මැදිහත් නොවනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණ කළ පරිදි චීන පර්යේෂණ නෞකාව හම්බන්තොට වරායට ඇතුළු කිරීමට සැලසුම් කර තිබූ දිනය කල් දමන ලෙසට ඉල්ලීමක් කර ඇති අතර, චීනය ඊට මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.

පර්යේෂණ හා ගවේශණ කටයුතුවල නිරත වන බව පැවසෙන චීනයේ යුවාන්වැන්ග් 5 නෞකාව 2017 නිපදවූවක් වන අතර එහි ගෙන යාහැකි බහාලූම්වල ධාරිතාව ටොන් 11,000ක්.

ඉකුත් ජූලි 13 වනදා චීනයේ ජියැන්යින් වරායෙන් පිටත් වූ එම නෞකාව මේ වන විට පවතින්නේ තායිවානයට ආසන්න චීනයේ නැගෙනහිර මුහුදු සීමාවේ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

ආසියානු පළමු කාණ්ඩයේ රග්බි ශූරතාව ශ්‍රී ලංකාවට

කසකස්තානය ලකුණු 45 – 07ක් ලෙසින් පරාජය කර ආසියානු පළමු කොටසේ (Division 1) රග්බි තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුළු පැළඳීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (04දා) සමත් වුණා.

Read More »

සුදුසුකම් තිබුණ ද ඔස්ට්‍රේලියානු සංක්‍රමණිකයින් අඩු පඩියට වැඩ කරන හේතු මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ ජීවත්වන සංක්‍රමණිකයින් ඉහළ සුදුසුකම් තිබුණ ද අඩු වැටුප් සහිත රැකියාවල නිරතවන බව හඳුනාගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ වැඩිපුර මුදල් වැය කරන්නේ මොනාට ද?

ඔස්ට්‍රේලියානුවන් වැඩිපුර මුදල් වැයකරන අංශ හදුනාගෙන තිබෙනවා. ඒ අනුව සුපිරි වෙළඳසැල්, බලශක්ති සපයන්නන් සහ ගුවන් සමාගම්  විශාල ලාභයක් ඉපැයිමේ අරමුණින් ජනතාව වෙත අදික පිරිවැයක් පවරන බවටයි  ආර්ථික විශේෂඥයින් චෝදනා කරන්නේ. මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ඇලන් ෆෙල්ස් පෙන්වා දෙන්නේ ඔස්ට්‍රේලියානුවන් මෙම අංශ ත්‍රිත්වය සදහා බොහෝ විට අධික මිල ගණන් ගෙවන බවයි. ජනතාවට උද්ධමනයේ බලපෑම ඉහළ වන අතර පාරිභෝගිකයින් අඛණ්ඩව එම අංශ සදහා අධික ලෙස මිල ගණන් ගෙවනු ඇති බව සදහන්. ෆෙල්ස් ප්‍රකාශ කළේ මේ

Read More »

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »