කුමාර් ගුනරත්නම් අත්අඩංගුවට ගන්න යයි ??

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුනරත්නම් ඇතුළු දාහතර දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සූදානම් වන බවට සමාජ මාධ්‍ය වාර්තා පළවී තිබෙනවා.

මෙම පිරිස ගාලූ මුවදොර අරගලය ප‍්‍රචණ්ඩත්වයට මෙහෙයවූ බවට චෝදනා කරමින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය නීතිපතිවරයාගෙන් උපදෙස් පතා ඇතැයි සඳහන්.

එමෙන්ම රාජ්‍ය විරෝධී ක්‍රියා සඳහා දායකත්වය දැක්වූ දේශපාලන පක්ෂ ගැන ද තීරණයක් ගැනීමට නීතිපති උපදෙස් ගැනීමට රජය සූදානම් වන බවද වාර්තා වෙයි.

මේ අතර අරගලයේ නායකයන් යැයි කියන කණ්ඩායමක් රටින් පිටව යාමට සූදානමක් පවතින බවට බුද්ධි අංශ මගින් කරුණු හෙළි කරගෙන තිබෙනවා.

ඒ අනුව පොලීසිය අධිකරණයට අවස්ථා කිහිපයකදී කරන ලද ඉල්ලීම අනුව අනුව එසේ සැක සහිත පුද්ගලයන් 31 දෙනෙකු ගේ විදෙස් ගමන් තහනම් කර අවසන්.

තවත් එවන් පුද්ගලයන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන අතර ඔවුන්ට ද විදෙස් ගමන් තහනම් ඉල්ලා සිටීමට ඉදිරියේදී පොලිසිය කටයුතු කිරීමට නියමිතයි.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »