වසර 37 කට පසු ඇල්බනීස් ඔස්ටේ්‍රලියාවේ අංක 01 වෙයි

1985 වසරෙන් පසු සිදුකල සමීක්ෂණවලදී බලයේ සිටින ඔස්ටේ්‍රලියානු අගමැතිවරයෙකු ලබාගෙන ඇති ඉහළම ජනප්‍රියත්වය අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් හිමිකරගෙන තිබෙනවා.

නවතම නිව්ස්පෝල් මත විමසුමට අනුව අගමැතිවරයාගේ ජනප්‍රියත්වය දැක්වෙන්නේ සියයට 61 ක් ලෙසයි.

හිටපු අගමැති ස්කොට් මොරිසන් විසින් සිය ධුර කාලයේදී ලබාගෙන තිබූ වැඩිම ජනප්‍රියත්වය වූයේ සියයට 51 ක් පමණයි.

පාලක කම්කරු පක්ෂයේ ජනප්‍රියත්වයද මාස 02 ක් තුළදී සියයට 32.6 සිට සියයට 37 දක්වා ඉහළ ගොස් ඇති බව මෙම මත විමසුමේදී අනාවරණ වුණා.

එහෙත් ෆෙඩරල් මැතිවරණය පැවැත්වීමට පෙර දිනයේ එය පැවතියේ සියයට 41 ක් ලෙසයි.

විපක්ෂ නායක පීටර් ඩට්න් සහ අගමැති ඇන්තනී ඇල්බනීස් යන දෙදෙනා සැළකීමේදී ජනප්‍රියත්ව ප්‍රතිශතයන් සටහන් වන්නේ සියයට 25 ට 59 ක් ලෙසයි.

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

ආසියානු පළමු කාණ්ඩයේ රග්බි ශූරතාව ශ්‍රී ලංකාවට

කසකස්තානය ලකුණු 45 – 07ක් ලෙසින් පරාජය කර ආසියානු පළමු කොටසේ (Division 1) රග්බි තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුළු පැළඳීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (04දා) සමත් වුණා.

Read More »

සුදුසුකම් තිබුණ ද ඔස්ට්‍රේලියානු සංක්‍රමණිකයින් අඩු පඩියට වැඩ කරන හේතු මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ ජීවත්වන සංක්‍රමණිකයින් ඉහළ සුදුසුකම් තිබුණ ද අඩු වැටුප් සහිත රැකියාවල නිරතවන බව හඳුනාගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ වැඩිපුර මුදල් වැය කරන්නේ මොනාට ද?

ඔස්ට්‍රේලියානුවන් වැඩිපුර මුදල් වැයකරන අංශ හදුනාගෙන තිබෙනවා. ඒ අනුව සුපිරි වෙළඳසැල්, බලශක්ති සපයන්නන් සහ ගුවන් සමාගම්  විශාල ලාභයක් ඉපැයිමේ අරමුණින් ජනතාව වෙත අදික පිරිවැයක් පවරන බවටයි  ආර්ථික විශේෂඥයින් චෝදනා කරන්නේ. මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ඇලන් ෆෙල්ස් පෙන්වා දෙන්නේ ඔස්ට්‍රේලියානුවන් මෙම අංශ ත්‍රිත්වය සදහා බොහෝ විට අධික මිල ගණන් ගෙවන බවයි. ජනතාවට උද්ධමනයේ බලපෑම ඉහළ වන අතර පාරිභෝගිකයින් අඛණ්ඩව එම අංශ සදහා අධික ලෙස මිල ගණන් ගෙවනු ඇති බව සදහන්. ෆෙල්ස් ප්‍රකාශ කළේ මේ

Read More »

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »