ඔස්ටේ්‍රලියා ජනගහණයෙන් අඩකට කොවිඩ් වැළඳිලා තිබිලා ?

ඔස්ටේ්‍රලියාවේ වැඩිහිටි ජනගහණයෙන් අඩකට වැඩි පිරිසකට පසුගිය ජූනි මාසය වනවිට කොවිඩ් ආසාධනය වී තිබෙන්නට ඇතැයි නවතම සමීක්ෂණයක් අනාවරණය කරනවා.

එමෙන්ම පසුගිය මාස 03 ත් 06 ත් අතර කාලයේදී ඔවුන් ආසාධිතයන් බවට පත්ව තිබූ බවත් මෙහිදී හෙළිවී තිබෙනවා.

මෙය දැනට නිල වශයෙන් තහවුරු කර ඇති කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව හා සැසඳීමේදී 03 ගුණයක් ඉහළයාමක් වනවා.

අවසාන වසර පසුගිය පෙබරවාරි මාසයේදී සිදුකල සමික්ෂණයේදී අනාවරණ වී තිබුණේ ඔස්ටේ්‍රලියාවේ වැඩිහිටි ජනගහණයෙන් සියයට 17 ක් පමණක් කොවිඩ් ආසාධිතයන් බවට පත්වන්නට ඇති බවයි.

වයස අවුරුදු 18 ත් 89 ත් අතර පුද්ගලයන් 5139 කගේ රුධිර සාම්පල ආශ්‍රිතව ලබාගත් තොරතුරු අනුවයි මෙම දත්ත හෙළිකර ගෙන ඇත්තේ.

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

යුක්රේන රුසියා යුද පෙරමුණට ගිය ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සෙබළු වංචාවකට හසුවෙලා

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් යුක්රේනයේ සහ රුසියාවේ යුද පෙරමුණුවලට යොමු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »