ඩෑන් ප්‍රියසාද් ගේ සොයුරා ඝාතනය කෙරේ

ඔරුගොඩවත්ත ගුවන් පාලම යටදී තියුණු ආයුධවලින් පහරදී ඊයේ රාත්‍රියේ පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

පොලිසිය සඳහන් කලේ වැල්ලම්පිටිය කුරුණියාවත්ත ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙකු මෙලෙස මියගොස් ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ ඩෑන් ප්‍රියසාද් ගේ සහෝදරයායි.

බරපතල තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටියදී මෙම තැනැත්තා ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඝාතනයට හේතුව හෝ සැකකරුවන් මෙතෙක් අනාවරණ වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසියයි වැඩිදුර විමර්ශන මෙහෙයවන්නේ.

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

යුක්රේන රුසියා යුද පෙරමුණට ගිය ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සෙබළු වංචාවකට හසුවෙලා

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් යුක්රේනයේ සහ රුසියාවේ යුද පෙරමුණුවලට යොමු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »