මැතිව්ස්ගෙන් අලුත් වාර්තාවක්

පකිස්ථානයට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කලා.

අද තරගයේ කණ්ඩායම් දෙකේම වෙනස්කම් සිදුකර තිබෙනවා.

ඒ අනුව කසුන් රාජිත සහ මහීෂ් තීක්ෂණ වෙනුවට අසිත ප්‍රනාන්දු සහ දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමට ඇතුළත් කර තිබෙනවා.

දුනිත් වෙල්ලාලගේ ශ්‍රී ලංකාව වෙනුවෙන් අද ටෙස්ට් වරම් හිමිකර ගනු ලැබුවා.

ඔහුට හිමි හිස් වැසුම පිරිනමනු ලැබුවේ ඇන්ජලෝ මැතිව්ස් විසිනුයි.

ඇන්ජලෝ මැතිව්ස් අද සහභාගී වන්නේ තම 100 වන ටෙස්ට් ක්‍රිකට් තරගයටයි.

ඊට අදාළ හිස් වැසුම ඔහුට පිරිනමනු ලැබුවේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් විසිනුයි.

මැතිව්ස් සිය පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට 2009 වසරේදී ක්‍රීඩා කරනු ලැබුවේද අද තරගය පැවැත්වෙන ගාල්ල ක්‍රීඩාංගණයේදීම වීම විශේෂත්වයක්.

පකිස්ථානය වෙනුවෙන් ෆවාඩ් අලාම් සහ නවුමාන් අලි තරගයට කැඳවා ඇත්තේ අසාර් අලි සහ ශහීන් ෂා අෆ්රිඩි වෙනුවටයි.

තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »