කොවිඩ් දීමනා 02 ක් තවදුරටත් ගෙවීමට ජාතික කැබිනට් මණ්ඩලය තීරණය කරයි

අත්හිටුවීමට තීරණය කල කොවිඩ් දීමනා 02 ක් ලබන සැප්තැම්බර් 30 වනදා දක්වා තවදුරටත් ගෙවීමට ජාතික කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අගමැති ඇන්තනී ඇල්බනීස්ගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස්වූ අවස්ථාවේදීයි.

මේ අනුව කොවිඩ් හමුවේ හුදකලාවීමට සිදුවන සේවකයන්ට ගෙවන ඩොලර් 750 ක දීමනාව තවදුරටත් ලබාදීමටයි තීරණය වී ඇත්තේ.

එහි පිරිවැයෙන් අඩක් ප්‍රාන්ත රජය විසින්ද අනෙක් කොටස ෆෙඩරල් රජය විසින්ද දරනු ඇති.

මේ අතර ජාතිත සෞඛ්‍ය හදිසි තත්වයකදී ගෙවිමට නියමිත අරමුදල්ද අඛණ්ඩව සිදුකිරිමට ජාතික කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මෙම තීරණ හමුවේ ප්‍රාන්ත රජයන්ට සහ ෆෙඩරල් රජයට ඩොලර් මිලියන 780 ක පිරිවැයක් දැරීමට සිදුවන බව අගමැති ඇන්තනී ඇල්බනීස් කියාසිටියා.

මින් පළමු ගෙවීමට අදාළ අයදුම් කිරීම ලබන බදදා සිට ඔන්ලයින් ක්‍රමයට සිදුකල හැකි වනවා.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »