පාර්ලිමේන්තුව කැදවීම 15 දා – 19 දා නාමයෝජනා කැදවීම – ජනාධිපති තෝරන ඡන්දය 20 දා

එළැඹෙන 15 වනදා පාර්ලිමේන්තුව කැදවීමට අද පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබෙනවා.

ඉන්පසු 19 වනදා ජනාධිපති ධූරය සදහා නාමයෝජනා කැදවීමටත් , 20 වනදා ජනාධිපතිවරයෙකු තෝරන ඡන්දයක් පාර්ලිමේන්තුව තුළ පැවැත්වීමටයි එකග වී ඇත්තේ.

මාධ්‍ය නිවේදනයයි.

අද දින පැවති පක්ෂ නායක රැස්වීමේ දී ගනු ලැබූ තීරණ සම්බන්ධවයි.

අද දින පක්ෂ නායකයින්ගේ රැස්වීමක් ප.ව. 2.00 ට මාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පවත්වන ලදී. එම රැස්වීමේ ප්‍රධාන අරමුණ වූයේ වත්මන් ජනාධිපතිවරයා ජූලි 13 වන දින ධූරයෙන් ඉල්ලා අස්වන බව මා වෙත ප්‍රකාශ කර ඇති බැවින් ඉතා ඉක්මණින් ගතයුතු ඉදිරි පියවර හා මූලික වශයෙන් සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම පිළිබඳව සාකච්ඡා කිරීම අරමුණු කර ගනිමිනි.

මෙම අවස්ථාවේ පක්ෂ නායකයින් අවධාරණය කර සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වන ව්‍යවස්ථාව සහ 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතට අනුකූලව ඉතාම කෙටි කාලයකින් මෙම කටයුත්ත ඉටු කළ යුතු බවයි.

ඒ අනුව ජූලි 15 වන සිකුරාදා පාර්ලිමේන්තුව කැඳවා ඉන්පසු ඒ සඳහා අදාළ පනතේ විධිවිධාන ප්‍රකාරව ජනාධිපති ධූරයේ පුරප්පාඩුවක් ඇති බව ප්‍රකාශ කිරීමෙන් පසුව 19 වන අඟහරුවාදා නාම යෝජනා කැඳවීම හා 20 වන බදාදා පවතින නීති ප්‍රතිපාදන අනුව ඡන්දයක් පවත්වා අභිනව ජනාධිපතිවරයා තෝරාපත් කර ගත යුතු බවට තීරණය විය.

එම අභිනව ජනාධිපතිවරයා යටතේ සර්වපාක්ෂික රජයක් පිහිටුවීම හා ඉදිරි ව්‍යවස්ථා කටයුතු කරගෙන යාමට ද රටේ දැනට පවතින අත්‍යාවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම පිණිස ද කටයුතු සැලසිය යුතු යැයි පක්ෂ නායකයෝ මෙහි දී අදහස් පළ කළහ.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගරු ප්‍රසන්න රණතුංග මැතිතුමා විසින් ප්‍රකාශ කර සිටියේ හෙට දිනයේ හෝ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන්නේ නම් ගරු අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉවත්වීමට සූදානම් බවයි.

ම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සියලුම පක්ෂ නායකයින්ගේ සහයෝගය අපේක්ෂා කරන බවත් මා විසින් ප්‍රකාශ කරන ලදී.

මහින්ද යාපා අබේවර්ධන

කථානායක

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »