ජල ගැලීම් නිසා එළවලු – පළතුරු මිළ නත්තල් දක්වා වැඩිවන ළකුණු

දිගින් දිගටම ඇතිවන ජල ගැලීම් හමුවේ එළවලු – පළතුරු ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිළ ගණන් ලබන නත්තල් කාල සීමාව දක්වා ඉහළ යනු ඇතැයි අනතුරු ඇගවෙනවා.

විශේෂයෙන් සිඩ්නි නගරවාසීන්ට සෙසු ප්‍රදේශවලට සාපේක්ෂව ඉහළ මිළ ගණන් ගෙවීමට සිදුව ඇති බවයි සුපිරි වෙළඳසැල් හිමියන් පෙන්වා දෙන්නේ.

මෙම වසර තුළදී 03 වන වරටත් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයට ජල ගැලීම් තත්වයක් බලපා ඇති අතර අස්වනු රැසක් විනාශ වී තිබෙනවා.

ඇතැම් එළවලු වර්ග සුපිරි වෙළඳසැල් තුළ කිසිදු ආකාරයකින් මිළදී ගැනීමට නොහැකි තත්වයක පවතින බවයි වාර්තා වන්නේ.

ඒවා නැවත වගා කිරීමට අවම වශයෙන් සති 10 ත් 12 ත් අතර කාලයක් ගතවනු ඇති බවද වගාකරුවන් සඳහන් කර තිබෙනවා.

 

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »