වික්ටෝරියා කොවිඩ් රෙගුලාසි තවත් මාස 03 කට දීර්ඝ කරයි

වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් වසංගත රෙගුලාසි තවත් මාස 03 කින් දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව දැනට ඉතිරිව පවතින සියලුම කොවිඩ් මර්දන නීති රීති ඔක්තෝබර් 12 වනදා මධ්‍යම රාත්‍රිය තෙක් බලාත්මක වනු ඇති.

මහජන සෞඛ්‍ය ආරක්ෂාව සඳහා අවශ්‍ය යැයි හැගී යන ඕනෑම පියවරක් ගැනීමට මේ අනුව ප්‍රාන්ත බළධාරීන්ට අවස්ථාව උදාවනවා.

ප්‍රාන්තයේ කොවිඩ් තත්වය සතුටුදායක මට්ටමක නොමැතිවීම සැළකිල්ලට ගෙන මෙම රෙගුලාසි දීර්ඝ කිරීම සිදුකල බවයි ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් පවසා සිටියේ.

ඊයේ වාර්තාවූ කොවිඩ් මරණ 16 ත් සමග වසංගතය ආරම්භයේ සිට වික්ටෝරියා හි සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 4000 ඉක්මවා ගියා.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »