අගමැති ඇල්බනීස් සහ ප්‍රංශ ජනපති අතර තීරණාත්මක සාකච්ඡාවක්

අගමැති ඇන්තනී ඇල්බනීස් සහ ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රෝන් අතර තීරණාත්මක සාකච්ඡාවක් පැරිස් අගනුවරදී පවත්වා තිබෙනවා.

පසුගිය ස්කොට් මොරිසන් රජය සමයේ ඩොලර් මිලියන 90 ක වටිනාකමින් යුත් සබ්මැරීන ගිවිසුම අවලංගු කිරීමෙන් පසු දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් ඇතිවුණා.

අනතුරුව ඔස්ටේ්‍රලියා – ප්‍රංශ රාජ්‍ය නායකයන් අතර මුහුණට මුහුණ සාකච්ඡාවක් පැවති පළමු අවස්ථාව මෙයයි.

මෙම හමුවෙන් පසු දෙරට අතර සබඳතා නව මානයකින් ඇරඹීමට අපේක්ෂා කරන බවයි අගමැති ඇන්තනී ඇල්බනීස් මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ.

ආර්ථික ඇතුලු අංශ රැසක් කෙරෙහි මෙහිදී නායකයන් දෙපළ අවධානය යොමු කර තිබුණා.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »