බෝට්ටු මගින් ඉන්දියාවට පළාගිය ලාංකිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට

නීතී විරෝධීව බෝට්ටු මගින් ඉන්දියාවට පළාගිය ලාංකිකයන් දෙදෙනෙකු රාමේෂ්වරම් හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් තමිල්නාඩු පොලිසිය විසින් ප්‍රශ්න කරමින් සිටින බවයි ඉන්දීය වාර්තාවල දැක්වෙන්නේ.

ශ්‍රී ලංකාවට ආසන්නම ඉන්දීය නගරය රාමේෂ්වරම් වන අතර පසුගිය මාර්තු මාසයේදීත් මෙලෙස පළාගිය ලාංකිකයන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

නීති විරෝධී සංක්‍රමණය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරදකරුවෙකු වුවහොත් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න දඩ මුදලක් සහ වසර

05 කට ආසන්න සිරදඩුවමකට ලක්වීමට සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියා.

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »