Tax return ගත හැකි තවත් වියදම් කිහිපයක තොරතුරු

ගතවන මූල්‍ය වර්ෂයට අදාළව රැකියාවල නිරතවීමේදී දරන ලද කොවිඩ් සම්බන්ධ උපකරණ හා ද්‍රව්‍ය රැසක් සම්බන්ධ tax refund ආපසු ලබාගැනීමේ හැකියාව ඔස්ටේ‍රලියානුවන්ට උදාවී තිබෙනවා.

ඒ අනුව මුහුණු ආවරණ – දෑත් පිරිසිදුකාරක – PPE කට්ටල සහ රැපිඩ් ඇන්ටිජන් කට්ටල සඳහා දරන ලද වියදම් ද ලබාගැනීමට අවස්ථාව පවතිනවා.

මේ අනුව ඇතැමුන්ට සමස්ත වසර පුරා ඉහත ද්‍රව්‍ය වෙනුවෙන් දරන ලද වියදම් ලෙස ඩොලර් 10,000 ක් පමණ ලෙස ආපසු ලබාගත හැකිවනු ඇති.

සේවා රාජකාරි සඳහා මිළදී ගත් රැපිඩ් ඇන්ටිජන් කට්ටල බදුවලට යටත් කර ඇති අතර PPE කට්ටලද පළමු වරට බදු වලට යටත් කර තිබෙනවා.

පසුගිය වසරේදී සඳහා අයදුම් කල හැකිව තිබූ වත්කම් ප්‍රමාණය ඩොලර් 150,000 ක් ලෙස පැවති නමුත් මෙවර එම සීමාව ඉවත් කර තිබීම විශේෂත්වයක්.

2021 වසරේදී ඔස්ටේ්‍රලියානු කම්කරුවන් විසින් ලබාගෙන තිබූ සාමාන්‍ය ආපසු බදු වටිනාකම (tax refund) ඩොලර් 2900 ක්.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »