නිවු සවුත් වේල්ස් විවෘත ප්‍රදේශ කාන්තාවන්ට ආරක්ෂාකාරී ස්ථාන කිරීම සඳහා $ මිලියන 30 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ විවෘත ප්‍රදේශ රාත්‍රී කාලයේදී කාන්තාවන්ට ආරක්ෂාකාරී ස්ථාන බවට පත් කිරීම සඳහා ඩොලර් මිලියන 30 ක නව ව්‍යාපෘතියක් සැළසුම් කර තිබෙනවා.

ඊට අදාළ යෝජනාව ලබන සතියේ ඉදිරිපත් කෙරෙන ප්‍රාන්ත අයවැයට ඇතුළත් බව සඳහන්.

ලිංගික හිංසන සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වළක්වාලීම මෙහි මූලික අරමුණ බවයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය අවධාරණය කරන්නේ.

නිවු සවුත් වේල්ස් අගමැති ඩොමිනික් පෙරෝටේ පවසන්නේ ඔස්ටේ්‍රලියාවේ සෑම 06 දෙනෙකුගෙන් අයෙකු ලිංගික ප්‍රචණ්ඩත්වයට හෝ හිංසනයට ලක්වන තත්වයක් පවතින බවයි.

අඳුරු ප්‍රදේශවල නව විදුලි ආලෝක එළි ස්ථාපිත කිරීම – සී සී ටී වී කැමරා ස්ථාපිත කිරීම වැනි යෝජනා මීට ඇතුළත්.

අපරාධ සංඛ්‍යාලේඛණ කාර්යංශයට අනුව පසුගිය වසරේදී පමණක් උද්‍යාන – ළඳු කැලෑ වැනි ස්ථානවලදී කාන්තාවන් 220 ක් පමණ විවිධ අතවරවලට ලක්වී තිබුනා.

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »