පළමු පන්දුවාර 20 තරගය : ඔස්ටේ්‍රලියාවට කඩුලු 10 ක විශිෂ්ඨ ජයක්

ශ්‍රී ලංකාවට එරෙහි පළමු පන්දුවාර 20 තරගයන් ඔස්ටේ්‍රලියාවට කඩුලු 10 ක විශිෂ්ඨ ජයක් අත්වුණා.

තරගය ජයගැනීමට ඔස්ටේ්‍රලියාවට හිමිවූ ඉලක්කය ළකුණු 129 ක්.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 19 යි පන්දු 03 ක් අවසානයේ සියල්ලන් දැවී ලබාගත් ළකුණු සංඛ්‍යාව 128 ක්.

චරිත් අසලංක 38 ක්ද – පැතුම් නිස්සංක 36 ක්ද – ධනුෂ්ක ගුණතිලක 26 ක්ද ලබාගත්තා.

ජොෂ් හේසල්වුඩ් ළකුණු 16 කට කඩුලු 04 ක්ද මිචෙල් ස්ටාර්ක් ළකුණු 26 කට කඩුලු 03 ක්ද බිඳහෙලුවා.

පිළිතුරු ඉණිම ක්‍රීඩාකල ඔස්ටේ්‍රලියාව පන්දුවාර 14 කදී කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසුකරයාමට සමත්වුණා.

ඩේවිඩ් වෝනර් නොදැවී 70 ක්ද නායක් ඒරන් ෆින්ච් නොදැවී 61 ක්ද ලබාගත්තා.

දෙරට අතර දෙවන විස්සයි විස්ස තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

යුක්රේන රුසියා යුද පෙරමුණට ගිය ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සෙබළු වංචාවකට හසුවෙලා

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් යුක්රේනයේ සහ රුසියාවේ යුද පෙරමුණුවලට යොමු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »