අගමැති සහ අධිපති අතර අවුලක් ?

තමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර මතභේදයක් ඇතැයි පළවන වාර්තා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රතික්ෂේප කරනවා.

අධිපතිවරයා උපුටා දක්වමින් මහ බැංකු නිල ට්විටර් ගිණුමේ තබා ඇති සටහනක දැක්වෙන්නේ එවැනි පදනම් විරහිත ප්‍රකාශ මුලුමනින්ම බැහැර කරන බවයි.

තමා සහ අගමැතිවරයා අතර ශක්තිමත් සබඳතාවයක් ඇති බවත් එය අඛණ්ඩව පවතින බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්වයට පත්කරලීම සඳහා එක්ව කටයුතු කරන බවයි අධිපතිවරයා අවධාරණය කර ඇත්තේ.

SOURCE :

https://twitter.com/CBSL/status/1534069522445250561?s=20&t=ISYw_CXScSvF0nMJNeilrQ

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »