ඇමති මනූෂගෙන් විදෙස්ගත ශ්‍රමිකයන්ට සහතිකයක්

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන් ලැබෙන විදේශ ප්‍රේෂණ ඉහළ නැංවීමට නම් ඔවුන් එවන මුදල් නිසි ලෙස භාවිතාවන බවට විශ්වාසනීයත්වයක් ඇති කළ යුතු බවත්, ඒ පිළිබඳව තමන් ඔවුන්ට සහතික වන බවත්, සම කැබිනට් ප්‍රකාශක විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසීය.

වර්තමානයේ මෙරට පවතින අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව ඇති ජනතාවට අවශ්‍ය ඉන්ධන, ගෑස්, ඖෂධ, පොහොර ලබාගැනීම වෙනුවෙන් සහය ලබා දෙන්නැයි තමන් විදෙස්ගත ශ්‍රී ලංකිකයින්ගෙන් ඉල්ලා සිටින බව ඇමතිවරයා සඳහන් කළේය.

තමන් එවන මුදල් නිසි ලෙස භාවිතා වෙනවාද, ඒවායින් බෙහෙත්, තෙල්, ගෑස්, අත්‍යාවශ්‍ය ආහාර ගන්න ප්‍රමුඛතාව නොදී යකඩ බට හා හෙලිකොප්ටර්වලට තෙල් ගන්නවාද යන ගැටලුව ජනතාවට තිබෙන බව කී ඇමතිවරයා ඔවුන් තුළ එවන් අදහසක් ඇතිවී ඇත්තේ පැරණි වැරදි නිසා බව ද කීවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (7) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

පැරණි වැරදි නිවැරදි කර වැටුණු රට ගොඩගැනීමට මහන්සි වන බව කී නානායක්කාර මහතා ජනාධිපතිවරයා ද අසමත් වූ බව පිළිගෙන වැරදි නිවැරදි කරගනිමින් ඉදිරියට යාමට සූදානමින් සිටින බව ප්‍රකාශ කළේය.

ඒ නිසා ජනතාව පෝලිම්වල හිටියත්, මව පියාට බෙහෙත් නැති වුණත් රාජපක්‍ෂලා යන තුරු මුදල් එවන්නේ නැහැ කියමින් නොසිට තමන් ලැබූ නිදහස් අධ්‍යාපනයෙන් පෙරළා රටට උදව් කරන්න වෙලාවක් උදාවී ඇතැයි ඇමතිවරයා කීවේය.

එදා ‘අපි එනකම් ලයිට් නිවන්න’ කී අය අද පෝලිම් තිබුණත් අපි ආවම මුදල් එවන්න කියමින් සිටින බවත් එය අනුමත කළ නොහැකි බවත් මනූෂ නානායක්කාර පැවසීය.

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »