වසර 22 කට පසු ඉහළම අගයකින් ඔස්ටේ්‍රලියා පොළී අනුපාත ඉහළට

අඛණ්ඩව දෙවන මාසයටත් ඔස්ටේ්‍රලියානු සංචිත බැංකුව විසින් පොළී අනුපාත ඉහළ දමා තිබෙනවා.

මේ අනුව අගය ඒකක 50 කින් ඉහළ දමා ඇත්තේ සියයට 0.85 ක් දක්වායි.

2000 වසරෙ පෙබරවාරි මාසයෙන් පසු මෙතරම් ඉහළ අගයකින් පොළී අනුපාත වැඩිකල පළමු අවස්ථාව මෙයයි.

මේ අනුව ඩොලර් ලක්ෂ 5 ක පමණ උකස් ණයක් ලබාගෙන ඇති අයෙකුට මාසිකව ඩොලර් 133 ක අමතර මුදලක් වැය කිරීමට සිදුවනවා.

ඩොලර් මිලියන 01 කට වැඩි උකසක් ගෙන ඇති අයෙකුට මාසික වාරිකයේ වැඩිවිම ඩොලර් 265 ක්.

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »