ලංකාවේ තවත් ඇමති 10 ක් අද දිවුරති

තවත් කැබිනට් ඇමතිවරුන් දස දෙනෙකු පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද දිවුරුම්දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සුලු පක්ෂ නියෝජනය කරමින් පිරිසක් මෙලෙස දිවුරුම් දෙනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළත්ව කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන් 15 දෙනකු මේ වන විට දිවුරුම් දී තිබෙනවා.

අද දිවුරුම් දෙන දස දෙනාද සමග සමස්ත කැබිනට් මණ්ඩලය 25 කට පමණ සීමා වනු ඇතැයි සඳහන්.

මේ අතර 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනවා.

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

යුක්රේන රුසියා යුද පෙරමුණට ගිය ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සෙබළු වංචාවකට හසුවෙලා

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් යුක්රේනයේ සහ රුසියාවේ යුද පෙරමුණුවලට යොමු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »