ශ්‍රී ලංකා ක්‍රිකට් යෝජනාවට ඔස්ටේ්‍රලියා ක්‍රිකට් බෑ කියයි

එළඹෙන ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා ක්‍රිකට් තරගාවලියට අයත් එක් දින සහ පන්දුවාර 20 තරග පසුව ක්‍රීඩා කිරීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන යෝජනාව ඔස්ටේ්‍රලියා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙනුයි ශ්‍රී ලංකාව විසින් පළමුවෙන් ටෙස්ට් තරගාවලිය පැවැත්වීම සඳහා වන යෝජනාවක් ඉදිරිපත් කර තිබුණේ.

කෙසේවෙතත් නොනිළ මට්ටමින් එය ප්‍රතික්ෂේප වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් සිල්වා උපුටා දක්වමින් ක්‍රිකට් වාර්තාවල සඳහන්.

පන්දුවාර 20 තරග 03 ක් / එක්දින තරග 05 ක් සහ ටෙස්ට් තරග 02 ක් ඇතුළත් දීර්ඝ තරග සංචාරයක් සඳහා ඔස්ටේ්‍රලියා ක්‍රිකට් කණ්ඩායම තවත් සති 02 ත් ඇතුළත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

ජුනි 07 වනදා සිට ජූලි 12 වනදා දක්වායි තරගාවලිය පැවැත්වෙන්නේ.

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »