DERANA STARS IN CONCERT මෙල්බන් ප්‍රසංගය අදයි

DERANA STARS IN CONCERT 2022 මෙල්බන් ප්‍රසංගය අද පැවැත්වෙනවා.

අද රාත්‍රී 07.30 ට Bunjil Place Theatre හිදී එය ආරම්භ වනවා.

2020 Derana Dream Star ෆැලන් ඇන්ඩ්‍රියා – 2021 Derana Dream Star දුලංග සම්පත් මෙන්ම නුවන්ධිකා සේනාරත්න – කීර්ති පැස්කුවෙල් – රවීන් කණිෂ්ක – රවී රොයිස්ටර් සහ නදීක ගුරුගේ යන දක්ෂ නිර්මාණකරුවන් ඊට සහභාගී වනවා.

ශික්ෂා සංගීත කණ්ඩායම විසින් මෙම ප්‍රසංග වර්ණවත් කරනු ඇති.

මේ සඳහා මාධ්‍ය අනුග්‍රහය සපයනු ලබන්නේ Ausලංකා TV විසිනුයි.

DERANA STARS IN CONCERT 2022 ප්‍රසංගය ලබන 22 වනදා සිඩ්නි හිදී පැවැත්වීමට නියමිතයි.

මෙම ප්‍රසංග සඳහා ප්‍රවේශපත්‍ර මිළදී ගැනීමට පහත වෙබ් අඩවියට පිවිසෙන්න : https://tickets.bunjilplace.com.au/7075/7076

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »