සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් ඔස්ටේ්‍රලියා සංක්‍රමණ නීති ලිහිල් කරන ලෙස ඉල්ලීම්

දැඩි සේවක හිගය මගහරවා ගැනීමට විදේශීය සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් ඔස්ටේ්‍රලියා සංක්‍රමණ නීති ලිහිල් කරන ලෙස පාර්ශව රැසක් ඉල්ලීම් කර තිබෙනවා.

කොවිඩ් තත්වය හමුවේ සංක්‍රමණ අඩුවීමෙන් ඔස්ටේ්‍රලියාව තුළ දරුණුම සේවක හිගතා ඇතිවු ක්ෂේත්‍රයක් ලෙසයි සෞඛ්‍ය අංශය සැළකෙන්නේ.

එබැවින් තවදුරටත් සෞඛ්‍ය පද්ධතිය අඩාල නොවී පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් සංක්‍රමණ නීති ලිහිල් කිරිමක් සිදුකල යුතු බවටයි පාර්ශව රැසක් බලකර සිටින්නේ.

විශේෂයෙන් ඔස්ටේ්‍රලියාවට පැමිණීමට සිටින සෞඛ්‍ය වෘත්තිකයන් කැනඩාව සහ බ්‍රිතාන්‍යය වැනි රටවල් කරා ඇදී යාමටද මෙම තත්වය බලපා ඇති බවටයි වාර්තා පළවන්නේ.

සෞඛ්‍ය වෘත්තිකයන්ට ස්ථිර පදිංචිය ලබාගැනීම දක්වා වන ක්‍රමවේදය සරල සහ ලිහිල් කරන ලෙසටද පාර්ශව ගණනාවක් ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »