පාස්පෝට් අයදුම්පත් භාරගැනීම නවතී – කුපිත වූ පිරිසක් විරෝධතාවයක

පරිගණක පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් භාර ගැනීම අද දිනයේදී තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කලේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය සහ සියලු ප්‍රාදේශීය කාර්යාලවලට එය අදාළ වන බවයි.

එක්දින හා සාමාන්‍ය සේවා යන අංශ දෙකටම එය බලපැවැත්වෙන අතර මෙම දෝෂය කඩිනමින් යථා තත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කියාසිටියේ.

පෙරේදා රාත්‍රියේද මෙවැනි ම තත්ත්වයක් ඇති වූ අතර, ඊයේ පෙරවරුව වනවිට එය යථා තත්ත්වයට පත් කර තිබුණා.

මේ අතර කිසියම් පිරිසක් අද පෙරවරුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිටෙ විරෝධතාවයකද නිරත වුණා.

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »