දේශ සීමා රහිත මාධ්‍යවේදියෝ නවතම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව ස්ථාන 19 කින් පසුපසට

දේශ සීමා රහිත මාධ්‍යවේදියෝ සංවිධානය නිකුත්කල නවතම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව ස්ථාන 19 කින් පසුපසට ගොස් තිබෙනවා.

2021 වසරේදී මෙම දර්ශකයේ 127 වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව මෙම වසරේදී පසුවන්නේ 146 වන ස්ථානයේයි.

රටවල් 180 ක ජනමාධ්‍යවේදයට අදාළ කරුණු සළකා බලමිනුයි මෙම දර්ශකය සකස් කර ඇත්තේ.

ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදය සහ ජනමාධ්‍ය නිදහස එකිනෙක බැඳී පවතින බවද දේශ සීමා රහිත මාධ්‍යවේදියෝ සංවිධානය පෙන්වා දෙනවා.

මෙවර දර්ශකයට අනුව පළමු ස්ථාන 03 හිමිකරගෙන ඇත්තේ නෝර්වේ – ඩෙන්මාර්කය සහ ස්වීඩනයයි.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »