බාලවයස්කාර දැරියකට ලිංගික හිංසන චෝදනා මත සිඩ්නි පිරිමි ළමයෙකුට චෝදනා

සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගත් බාලවයස්කාර දැරියකට ලිංගික හිංසන කිරීමේ චෝදනා මත සිඩ්නි හි පදිංචි 16 හැවිරිදි පිරිමි ළමයෙකුට චෝදනා ගොණු කර තිබෙනවා.

ඔවුන් දෙදෙනා දුම්රිය ස්ථානයකදී හමුවී ඇති අතර අනතුරුව නගරයේ පොදු වැසිකිළි ඇතුලු ස්ථාන රැසකට ගොස් ඇති බව පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.

එම ස්ථානවලදී සැකකාර පිරිමි ළමයා විසින් මෙම දැරියට කායිකව සහ ලිංගිකව හිංසන සිදුකර ඇති බව සඳහන්.

ළමා අධිකරණයකට සැකකරු ඉදිරිපත් කෙරුණද ඇප ලබාදීම ප්‍රතික්ෂේප වී තිබෙනවා.

නඩුව වැඩිදුර විභාගය ලබන ජුනි 07 වනදා සිදුකිරිමට නියමිතයි.

https://www.9news.com.au/national/sydney-teen-charged-with-sexual-assault-of-girl-met-on-social-media-alleged-assault-in-public-toilet/96c0c780-bc34-4cfd-8f01-6fd3ee758abe

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »