ඔස්ටේ්‍රලියා ගොවිපොළවල රැකියා පුරප්පාඩු 10,000 ක්

විශේෂ කෘෂි වීසා කාණ්ඩය යටතේ ඔස්ටේ්‍රලියාවේ ගොවිපොළ වල සේවයට ගන්නා පළමු පිරිස වියට්නාමයෙන් ගෙන්වා ගැනීමට තීරණය කර තිබෙනවා.

විදේශ ඇමතිනි මරීස් පේන් පැවසුවේ මීට අදාළව වියට්නාමය සමග එකගතා ගිවිසුමක්ද අත්සන් කර ඇති බවයි.

කෙසේවෙතත් වාර්ෂිකව කොපමණ පිරිසක් ගෙන්වා ගන්නේද ඔවුන් කුමන කාලයකදී පැමිණෙන්නේද යන්න මෙතෙක් තීන්දු කර නැහැ.

එමෙන්ම මෙම සේවකයන් පුහුණු ශ්‍රමිකයන්ද නොඑසේනම් නුපුහුණු ශ්‍රමිකයන්ද යන්න පවා තවමත් අවිනිශ්චිත මට්ටමකයි පවතින්නේ.

ඔස්ටේ්‍රලියාව තුළ ගොවිපොළ ආශ්‍රිත රැකියා 10,000 ක පමණ පුරප්පාඩු ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

https://www.abc.net.au/news/2022-03-28/vietnam-becomes-first-country-to-agree-to-agriculture-visa/100945296

ආසියානු පළමු කාණ්ඩයේ රග්බි ශූරතාව ශ්‍රී ලංකාවට

කසකස්තානය ලකුණු 45 – 07ක් ලෙසින් පරාජය කර ආසියානු පළමු කොටසේ (Division 1) රග්බි තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුළු පැළඳීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (04දා) සමත් වුණා.

Read More »

සුදුසුකම් තිබුණ ද ඔස්ට්‍රේලියානු සංක්‍රමණිකයින් අඩු පඩියට වැඩ කරන හේතු මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ ජීවත්වන සංක්‍රමණිකයින් ඉහළ සුදුසුකම් තිබුණ ද අඩු වැටුප් සහිත රැකියාවල නිරතවන බව හඳුනාගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ වැඩිපුර මුදල් වැය කරන්නේ මොනාට ද?

ඔස්ට්‍රේලියානුවන් වැඩිපුර මුදල් වැයකරන අංශ හදුනාගෙන තිබෙනවා. ඒ අනුව සුපිරි වෙළඳසැල්, බලශක්ති සපයන්නන් සහ ගුවන් සමාගම්  විශාල ලාභයක් ඉපැයිමේ අරමුණින් ජනතාව වෙත අදික පිරිවැයක් පවරන බවටයි  ආර්ථික විශේෂඥයින් චෝදනා කරන්නේ. මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ඇලන් ෆෙල්ස් පෙන්වා දෙන්නේ ඔස්ට්‍රේලියානුවන් මෙම අංශ ත්‍රිත්වය සදහා බොහෝ විට අධික මිල ගණන් ගෙවන බවයි. ජනතාවට උද්ධමනයේ බලපෑම ඉහළ වන අතර පාරිභෝගිකයින් අඛණ්ඩව එම අංශ සදහා අධික ලෙස මිල ගණන් ගෙවනු ඇති බව සදහන්. ෆෙල්ස් ප්‍රකාශ කළේ මේ

Read More »

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »