විමල්ට – උදයට ඇමැති ආරක්ෂාව දිගටම

UDAYA GAMMANPILA WIMAL

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ගම්මන්පිල ඇමැති තනතුරුවලින් ඉවත් කළද ඔවුන්ට ඇමැතිවරුන් ලෙස ලබාදුන් ආරක්ෂාව දිගටම ලබාදෙන බව රජයේ ආරංචිමාර්ගවලින් පැවසේ.

සාමාන්‍යයෙන් ඇමැතිවරයකුට නිල බලයෙන් හිමිවන ඇමැති ආරක්ෂක අංශ නිලධාරීන් සංඛ්‍යාව 7 කි.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සහ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගිය තුන්වැනිදා එම ඇමැති තනතුරුවලින් ඉවත් කරනු ලැබූහ.

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇමැති තනතුරුවලින් ඉවත් කිරීම සහ ඇමැති මණ්ඩලයේ කිහිපදෙනකුගේ ඇමැති තනතුරු වෙනස්වීම සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ අසුන් පැනවීමේද වෙනසක් කළ බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු පැවැසීය.

මේ අනුව විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන හිටපු ඇමැතිවරුන් සඳහා ආණ්ඩුපක්ෂයේ පසුපෙළ අසුන් පැනවූ බවද ඔහු සඳහන් කළේය.

විමල් වීරවංශ ට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ 73 වැනි ආසනයත් උදය ගම්මන්පිලට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ 78 වැනි ආසනයත් මේ අනුව හිමිවනු ඇත.

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »