Visa සහ Master card රුසියාව තුළ මෙහෙයුම් අත්හිටුවයි

ලොව ප්‍රමුඛතම ක්‍රෙඩිට් කාඩ් සමාගම් 02 ක් වන මාස්ටර් කාඩ් සහ වීසා සමාගම් රුසියාව තුළ සිය මෙහෙයුම් අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව රුසියානු බැංකුවලින් නිකුත් කරන ලද එම කාඩ්පත් මින් ඉදිරියට ඔවුන්ගේ ජාලය තුළ ක්‍රියාත්මක වන්නේ නැහැ.

රුසියාවෙන් බැහැර රටකදී නිකුත් කරන ලද මාස්ටර් කාඩ් සහ වීසා කාඩ්පත් රුසියාව ඒ ටී එම් යන්ත්‍ර හෝ වෙළඳසැල් තුළදී භාවිත කිරිමටද අවසර නොලැබෙනු ඇති.

මේ අතර යුක්රේන ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කි සහ අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් අතර දුරකථන සංවාදයක් පවත්වා තිබෙනවා.

විනාඩි 30 කට ආසන්න කාලයක් පැවති එහිදී යුක්රේනයට ආර්ථික සහය ලබාගැනීම සහ රුසියාවට තවදුරටත් සම්බාධක පැණවීම පිළිබඳවයි අවධානය යොමුකර ඇත්තේ.

මේ අතර යුක්රේනයේ මරියුපොල් නගරයේ දැවැන්ත මානුෂීය අර්බුදයක් උද්ගත වී තිබෙනවා.

සටන් විරාමයකට අනුව සිවිල් වැසියන්ට පළායාමට අවසර ලැබුණද එම සටන් විරාමය ක්‍රියාක්මක වූයේ පැය 02 ක් වැනි සුලු කාලයක් පමණයි.

ඒ අනුව විශාල පිරිසක් තවමත් යුධමය කලාපයක සිර වී සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කලේ.

සිවිල් වැසියන්ට අවශ්‍ය පානීය ජලය – ආහාර සහ විදුලි සැපයුම් ක්‍රම ක්‍රමයෙන් හීන වෙමින් පවතින බවද සඳහන්.

මේ අතර අමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් පෝලන්ත දේශ සීමාවේදී යුක්රේන රජයේ ඉහළම නිළධාරීන් සමග සාකච්ඡා කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »