අවතැන්වූ යුක්රේන ජාතිකයන් 1000 කට ඔස්ටේ්‍රලියාව වීසා අනුමත කරයි

රුසියානු – යුක්රේන අර්බුදය හමුවේ අවතැන්වූ යුක්රේන ජාතිකයන් 1000 කට වැඩි පිරිසකට ඔස්ටේ්‍රලියාව විසින් වීසා අනුමත කර තිබෙනවා.

ඔවුන් හෙට දිනයේ සිට කොටස් වශයෙන් ඔස්ටේ්‍රලියාවට පැමිණීමට නියමිතයි.

සංචාරක වීසා සහ තාවකාලික වීසා බලපත් යටතේ මෙම පිරිස මෙරටට ළගාවනු ඇති.

කෙසේවෙතත් ඔවුන්ට රැකියා කිරීමට සහ සෞඛ්‍ය සේවා ලබාගැනීමට අවසර දෙන ලෙසටයි ප්‍රජා නායකයන් විසින් ෆෙඩරල් රජයෙන් අවසර ඉල්ලා ඇත්තේ.

මෙම පිරිසකට මාස 12 ක උපරිමයක් දක්වා ඔස්ටේ්‍රලියාව තුළ රැඳී සිටීමට අවසර ලැබෙනු ඇති.

දැනටමත් ඔස්ටේ්‍රලියාව තුළ සිටින යුක්රේන ජාතිකයන්ට ලබන ජූනි 30 වනදා සිට මාස 06 ක වීසා දිගුවක් ලබාදීමටද රජය පසුගියදා කටයුතු කලා.

https://www.abc.net.au/news/2022-03-03/more-than-1-000-visas-approved-for-ukrainians-coming-australia/100880278

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »