යුක්රේනයේ රූපවාහිනී සම්ප්‍රේෂණ කුලුණකට රුසියානු ප්‍රහාරයක් – 05 ක් මරුට

යුක්රේනයේ කිව් අගනුවර රූපවාහිනී සම්ප්‍රේෂණ කුලුණකට එල්ලවූ රුසියානු ප්‍රහාරයකින් පුද්ගලයන් 05 දෙනෙකු මියගොස් තිබෙනවා.

කිවු අගනුවර ඉලක්ක වෙත පහර දෙන බවට රුසියාව විසින් අනතුරු ඇගවීමක් සිදුකර ඇති වාතාවරණයකදීයි මෙම ප්‍රහාරය එල්ලවී ඇත්තේ.

තාක්ෂණය හා සම්බන්ධ ස්ථාන එහිදී ප්‍රමුඛත්වයක් ගෙන ඇති අතර එම ස්ථානවලින් ඉවත්ව සිටින ලෙස රුසියානු ආරක්ෂක අංශ විසින් යුක්රේන ජනතාව වෙත දන්වා තිබෙනවා.

මේ අතර රුසියානු ගුවන් යානා වෙත අමෙරිකානු ගුවන් කලාපයට පිවිසීම තහනම් කර තිබෙනවා.

යුරෝපා සංගමය සහ කැනඩාව විසින්ද දැනටමත් රුසියානු ගුවන් යානා සඳහා සිය ගුවන් කලාප වසා දමා අවසන්.

මේ අතර යුක්රේනයට ඩොලර් බිලියන 3 ක ආධාර සැපයීමට ලෝක බැංකුව තීරණය කර තිබෙනවා.

එමෙන්ම ඩොලර් බිලියන 2.2 ක හදිසි ආධාරයක් සැපයීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද තීරණය කර තිබෙනවා.

මේ අතර අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සහ යුක්රේන ජනාධිපති වොලොඩිම්ර් සෙලෙන්ස්කි අතර දුරකථන සංවාදයක් පවත්වා තිබෙනවා.

යුධ ආධාර සැපයීම සහ රුසියානු සම්බාධක කෙරෙහියි විනාඩි 30 කට ආසන්න කාලයක් පැවති මෙම සංවාදයේදී එහිදී අවධානය යොමුකර ඇත්තේ.

මේ අතර යුක්‍රේනයේ කිව් අගනුවර සහ තවත් නගර කිහිපයක් ඉලක්ක කර රුසියානු හමුදාව තවදුරටත් දරුණු ප්‍රහාර එල්ල කරමින් තිබෙනවා.

කිව් අගනුවර අල්ලා ගැනීම රුසියානු හමුදාවේ ප්‍රධාන ඉලක්කය වී තිබෙනවා.

මේවනවිට සැතපුම් 40 ක් පමණ දිගින් යුත් ප්‍රහාරක අවි පුරවා ගත් රුසියානු යුද රථ පෙලක් යුක්‍රේනයේ කිව් අගනුවර දෙසට පැමිණෙමින් ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.

එම රථ පෙල කිව් අගනුවරට ආසන්න වෙමින් ඇති බව ද වාර්තා වනවා.

එමෙන්ම රුසියානු හමුදාව යුක්‍රේනයේ කිව් අගනුවර වැසියන්ට දැනුම් දී ඇත්තේ ඔවුන්ට තවමත් නිදහසේ නගරයෙන් පිටවී යා හැකි බවයි.

ඒ අනුව කුමන අවස්ථාවකදී හෝ කිව් අගනුවරට දරුණු ප්‍රහාරයක් එල්ල විය හැකි බවටයි ජාත්‍යන්තර විචාරකයන් අනතුරු අගවන්නේ.

මේ අතර යුක්‍රේනයේ නගර කිහිපයක ආහාර සැපයුම් මාර්ග අවහිර කර ආහාර අර්බුදයක් ඇති කිරීමට රුසියානු හමුදාව උත්සහ දරමින් සිටින බව ද වාර්තා වනවා.

නගර රැසක සුපිරි වෙළදසැල්වල මේ වනවිටත් ආහාර අසුරා තිබුණු රාක්ක හිස්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ඒ අනුව තවදුරටත් යුක්‍රේනයේ රැදී සිටින පුරවැසියන්ගේ ආහාර අවශ්‍යතා සපුරාලීම සදහා යුක්‍රේන හමුදාව කටයුතු කරමින් සිටින බවද විදෙස් මාධ්‍ය පවසනවා.

මේ අතර රුසියානු හමුදාවට සහය වීම සදහා බෙලරුසියාව ද සිය සොල්දාදුවන් පිරිසක් යුක්‍රේනයට එවා ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් කිව් අගනුවර අල්ලා ගැනීම සදහා රුසියානු හමුදාවට සහය ලබා දෙනු ඇතැයි විචාරකයන් ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »