යුක්රේනයේ සිට ලංකාව හරහා ජර්මනියට පළායන්න ගිය ඉරාන තරුණයෙකු පිටුවහල්

යුක්‍රේනයේ උසස් අධ්‍යාපනය හදාරමින් සිටින 20 හැවිරිදි ඉරාන ජාතික තරුණයෙකු ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාව හරහා ජර්මනිය වෙත පැන යාමට තැත් කිරීමේ දී කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඔහු පැමිණි තුර්කිය වෙතම පිටුවහල් කර යවා තිබෙනවා.

මොහු ශ්‍රී ලංකාවට ඇතුළුවීම සදහා ග්‍රීක ජාතික ගුවන් ගමන් බලපත්‍රයක් ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත ඉදිරිපත් කර තිබුණා.

එය ජාත්‍යන්තර පොලීසියේ අත් අඩංගුවට ගැනීමට නියමිත ලේඛනයේ සදහන් ගුවන් ගමන් බලපත්‍රයක් බවටයි හදුනා ගෙන ඇත්තේ.

වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ මෙම තරුණයා යුක්‍රේනය තුළ උසස් අධ්‍යාපනය හදාරමින් සිටින අයෙකු බවත් මේ වනවිට එරට තුළ ඇති වී ඇති යුධමය වාතාවරණයත් සමග මොහු එරටින් පිටවී තුර්කිය වෙත ගොස් ඇති බවයි.

එතැන් සිට ශ්‍රී ලංකාව හරහා ජර්මනිය වෙත පළා යාම සදහා මෙම ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රය උපයෝගී කර ගැනීමට තැත් කර ඇති බවත් අනාවරණය කරගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් අමෙරිකානු තානාපතිනිය හමුවෙයි

සිය රටේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විශ්මයට පත් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව මෙරට අමෙරිකානු තානාපතින ජූලි චේ චන්ග් පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වයසටත් කලින් වයසට යන හේතුව හඳුනා ගැනෙයි

පවතින මූල්‍ය ආතතිය හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් තම සමීපතමයින් සමග වාද විවාද ඇති කර ගැනීමේ ප්‍රවනතාවක් පවතින බව හෙළිව තිබෙනවා.

Read More »

විදේශ සංක්‍රමණිකයින් මිලියන 6කට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි වෙයි

විදේශ සංක්‍රමණිකයින්ට ඔස්ට්‍රේලියාව තුල පුරවැසිභාවය ලබා දීම ආරම්භ කළ දින සිට මේ වන තෙක් සංක්‍රමණිකයින් මිලියන 6කය අධික සංඛ්‍යාවකට මෙරට පුරවැසිභාව හිමිව තිබෙනවා.

Read More »

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »