වික්ටෝරියා හි ලිංගික ශ්‍රමිකත්වයට එරෙහි බාධක ඉවතට

ලිංගික ශ්‍රමිකත්වය අපරාධයක් නොවන බවට වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එවැනි ලිහිල් කිරීමක් සිදුකල ඔස්ටේ්‍රලියාවේ 03 වන ප්‍රාන්තය බවටද වික්ටෝරියා ප්‍රාන්තය මේ අනුව පත් වනවා.

අද පැවති ඡන්ද විමසීමකදී ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය 24 ට 10 ක් ලෙස මෙම යෝජනාව සම්මත කරගනු ලැබුවා.

මේ අනුව වික්ටෝරියා හි ලිංගික ශ්‍රමිකයන්ටද අනෙකුත් වෘත්තීන් හා සම අයිතිවාසිකම් හිමිවනු ඇති.

ඔවුන්ගේ රැකියාව සම්බන්ධයෙන් ස්වාධීන තීන්දු තීරණ ගැනීමටත් මේ යටතේ බලතල හිමිවනවා.

https://www.9news.com.au/national/sex-work-victoria-victoria-becomes-the-third-jurisdiction-to-decriminalise-sex-work/ea009a52-223d-448a-8ec8-ea3c6039e722

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »