වික්ටෝරියා සැත්කම් ක්‍රමවේදයේ වෙනසක් නෑ

වික්ටෝරියා ප්‍රාන්තයේ දැනට සිදුකරගෙන යන සැත්කම් ක්‍රමවේදයට කිසිදු වෙනසක් නොකරන බව ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් පවසනවා.

ඒ අනුව Code Brown තත්වය යටතේ හදිසි හා අත්‍යවශ්‍ය සැත්කම් පමණක් තවදුරටත් සිදු කෙරෙනු ඇති.

ඔමික්‍රොන් ප්‍රභේදයේ අවධානමත් සමග රෝහල්ගතවීම් ඉහළයාම හමුවේ වික්ටෝරියා රෝහල්වල තවමත් Code Brown තත්වයකුයි ක්‍රියාත්මක වන්නේ.

එහිදී අත්‍යවශ්‍ය නොවන සැත්කම් ප්‍රමාද කිරීමකුයි සිදුවන්නේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය පසුගියදා නිවේදනය කලේ ලබන සඳුදා සිට අත්‍යවශ්‍ය නොවන සැත්කම් යළිත් ආරම්භ කෙරෙන බවයි.

කොවිඩ් ආසාධිතයන් සීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ මේ වනවිට වික්ටෝරියා ප්‍රාන්තයේ හදිසි නොවන සැත්කම් අත්හිටුවා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »