Aged care මධ්‍යස්ථානවල සේවකයන්ට ඩොලර් 400 බැගින් ප්‍රසාද දීමනා 02 ක්

Aged care මධ්‍යස්ථානවල සේවකයන්ට ඩොලර් 400 බැගින් ප්‍රසාද දීමනා 02 ක් පිරිනැමීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

අගමැති ස්කොට් මොරිසන් විසින් හඳුන්වාදීමට යෝජිත මෙම වැඩපිළිවෙල සඳහා ඩොලර් මිලියන 209 ක් වැයවනු ඇතැයි අපේක්ෂිතයි.

වැඩ කරන පැය ගණන සළකා මෙම බෝනස් මුදල ලබාදීමටයි සැළසුම් කර ඇත්තේ.

පළමු මුදල පෙබරවාරි මාසයේදීත් දෙවැන්න මැයි මාසයේදීත් ලබාදීමට තීරණය වී තිබෙනවා.

අගමැති ස්කොට් මොරිසන් විසින් හෙට දිනයේදී මෙම වැඩපිළිවෙල නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

https://www.7news.com.au/politics/aged-care-workers-to-receive-two-bonuses-c-5512678

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »