රංගන හේරත්ට නවසීලන්තයේදී කොවිඩ්

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දග පන්දු යැවීමේ පුහුණුකරු රංගන හේරත්ට කොවිඩ් වෛරසය වැළඳී තිබෙනවා.

නවසීලන්තයේදීයි එය තහවුරු වී ඇත්තේ.

ඔහු සමග සමීපව කටයුතු කල ටෙස්ට් සංචිතයේ ක්‍රීඩකයන් ඇතුලුව කණ්ඩායමේ සාමාජිකයන් 09 දෙනෙකු මේ වනවිට නිරෝධායනයට යොමු කර තිබෙනවා.

අනෙකුත් ක්‍රීඩකයන් පුහුණුවීම් ආරම්භ කර ඇති බවයි බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කලේ.

බංග්ලාදේශ – නවසීලන්ත පළමු ටෙස්ට් තරගය ලබන ජනවාරි පළමුවනදායි ආරම්භවීමට නියමිතව ඇත්තේ.

ජනතාවට ආචාර කළ ස්ලෝවැකියාවේ අගමැතිට වෙඩි ප්‍රහාරයක්

ඔහු හැන්ඩ්ලෝවා නගරයේ රැස්ව සිටි පිරිසට ආචාර කරන අවස්ථාවේ වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තුවාල ලැබූ අග්‍රාමාත්‍යවරයා රෝහල් ගත කිරීමට ආරක්ෂක අංශය පියවර ගෙන තිබෙනවා. රජයේ රැස්වීමකින් පසුව අගමැතිවරයා පිටතට පැමිණෙමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ආරක්ෂක අංශ විසින් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වනවා. මෙය අගමැතිවරයා ඝාතනයට තැත් කිරීමේ සිද්ධියක් බවට ද සැක මතුවී

Read More »

T20 තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පළමු තැන වනිඳු හසරංගට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම T20 තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා T20 නායක වනිඳු හසරංග සමත්වී තිබෙනවා.

Read More »